ට්‍රම්ප් අපට පිහියෙන් ඇන්නා



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස නම් කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන්, විරෝධය පළ කරන පලස්තීනුවන් චෝදනා කරන්නේ, ට්‍රම්ප් තමන්ගේ පිටට පිහියෙන් ඇන්න බවය.

ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉදිරිපත් කරන සාම යෝජනාවලිය තමන් කිසිසේත් පිළි නොගන්නා බව පලස්තීන ප්‍රජාව වැඩි දුරටත් කියා සිටී.

තමන්ගේ තීරණයට පලස්තීනුවන් විරෝධය දැක්වීමත් සමඟ පලස්තීනුවන්ට ලබා දෙන ආධාර කපා හැරීමට ද ජනපති ට්‍රම්ප් පියවර ගත්තේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS