ට්‍රම්ප් අනතුරු අඟවයි



ඉරාන ජනාධිපති හසන් රොව්හානි ඇමෙරිකාවට කළ අනතුරු ඇඟවීමක් මුල්කොට ගනිමින්, ඊට පිළිතුරු දෙමින් පෙරළා අනතුරු ඇඟවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

‘යළි කිසිම අවස්ථාවක ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු අඟවන්න එපා. එහෙම කළොත් ඉතිහාසයේ නොවූ විරූ අයුරින් නුඹලාට පසු තැවෙන්න සිද්ධ වෙනවා. විඳවන්න සිද්ධ වෙනවා. අපි නුඹලාගේ තර්ජන ගර්ජනවලට නැවෙන රටක් නොවේ. ප්‍රචණ්ඩත්වයට හෝ මරණයට හෝ අප බිය වෙන්නේ නැහැ’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාන ජනාධිපති හසන් රොව්හිනීය සෘජුව යැවූ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

ට්‍රම්ප් මෙසේ අනතුරු ඇඟවීමක් කළේ ඉරාන ජනාධිපති රොව්හානී ඉකුත් දා කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාරඑ දක්වමිණි. ඉරාන ජනාධිපති රොව්හානී, ට්‍රම්ප්ට සහ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ, ‘සිංහයාගේ වලිගය එක්ක සෙල්ලම් කළොත් වැඩ වරදී’ යනුවෙනි. ඉරානය සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත.

ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමටත්, ඉරානයට නව සම්බාධක පැනැවීමටත් ට්‍රම්ප් පියවර ගැනීම සම්බන්ධයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS