ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු



ඉරාන හමුදා ජනරාල් කසීම් සුලෙයිමානි ඝාතන සිදුවීම මුල්කොට ගනිමින්, එම ප්‍රහාරයට අණ දුන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු තවත් ඇමෙරිකානුවන් 30 දෙනකු අත්අඩංගුවට ගැනීමට ඉරානය වරෙන්තු නිකුත් කර තිබේ‍.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඉරානය ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලිසියෙන් ද ඉල්ලීමක් කර ඇත්තේ ට්‍රම්ප් ඇතුළු එම ඇමෙරිකන් නිලධාරීන් 30 දෙනා අත්අඩංගුවට ගැනීමට සහාය දක්වන ලෙසය.

ඇමෙරිකා හමුදාව එරට බුද්ධි අංශ නිලධාරීන්ගේ උපදෙස් සහ ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරාන විල්පවීය හමුදාවේ අතිරේක බළඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානි මරා දැම්මේ  ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදීය. ඒ සුලෙයිමානී ඉරාකයට පැමිණි අවස්ථාවකදී, ‍ඩ්‍රෝන යානා යොදා ගනිමිනි. සුලෙයිමානී ඝාතනය සිදුවූයේ මෙම වසරේ ජනවාරි 3 වැනිදාය.

ඇමෙරිකන් ජනපති ධුරය අවසන් වීමෙන් පසුව හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අපරාධයට නීති මගින් දඩුවම් දීමට තමන් කෙසේ හෝ පියවර ගන්නා බව තෙහෙරාන් නුවර ඉරාන රජයේ නීතීඥ අලී අල්ක්සයිම්හේර් අවධාරණය කර තිබේ.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS