ට්‍රක්රථ රියදුරන් සේවයෙන් ඉවතට



ඕමානයේ ජලය රැගෙන යන ට්‍රක්රථවල සේවය කරන විදේශීය රියදුරන්ව සේවයෙන් ඉවත් කරන බව වාර්තා වේ.

සියළුම විදේශ රියදුරන්ව 2020 අප්‍රේල් 30 පසු සේවයෙන් ඉවත් කිරීමට ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය නියෝග කර ඇති බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඕමාන ජාතිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් විදේශීය රියදුරන්ව සේවයෙන් ඉවත් කිරීමට නියෝග කළ බව මිනිස්බල අමාත්‍ය, ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් අල්-බක්රි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS