ට්විටර් ගිණුම නිසා සෞදි කාන්තාවක් වසර 34 ක් හිරේ



සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළ අදහස් හේතුවෙන් සෞදි තරුණියකට වසර 34 ක සිර දඬුවමක් නියම විය.

34 හැවිරිදි සල්මාන් අල් ෂෙහාබ් නමැති මෙම තරුණිය ට්විටර් ගිණුම ඔස්සේ මහජන සාමය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වී තිබුණු අතර ඇය එම චෝදනාවලට වරදකාරිය වූවාය. ඒ අනුව, ඇයට වසර 34 ක සිරදඬුවම් නියම විය.

ෂෙහාබ්, බ්‍රිතාන්‍ය ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක බව ද පැවැසෙයි. සෞදි අරාබිය, සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. ෂෙහාබ්, සිය ට්විටර් ගිණුම ඔස්සේ සෞදි කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරිනියක බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS