ටයර්වලට හානි වෙලා



ඊජිප්තුවේ කයිරෝ නුවර සිට ඩුබායි නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබු එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් පැය අටකින් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

කයිරෝ ගුවන්තොටුපොලින් ගුවන් යානය ගුවන් ගත වන අවස්ථාවේදි, ගුවන් ධාවන පථය තුල අනවසරයෙන් මෝටර් රථයක් නවතා තිබීම හේතුවෙන් ගුවන්යානය නතර කිරීමට ගුවන් නියමුවන් දැඩි උත්සහයක් දරා ඇත.

අධික වේගය හේතුවෙන් එමිරේට්ස් ගුවන්යානයේ ටයර්වලට හානි සිදු වී ඇති බව එමිරේට්ස් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ගුවන් මඟීන්ව වෙනත් ගුවන් යානයකින් ඩුබායි නුවර බලා පිටත් කර යැවීමට ගුවන්තොටුපොල නිලධාරීන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS