ඥාති පුත්‍රයා නැන්දම්මා ඝාතනය කර සියදිවි හානිකර ගනී



වයස අවුරුදු 68ක කුවේට් කාන්තාවක් පිහියකින් ඇණ ඝාතනය කිරීමේ අවාසානාවන්ත පුවතක් කුවේට් රාජ්‍යයේ අල්-යාමෙක් දිස්ත්‍රිකයෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මෙම කාන්තාව 1949දී උපත ලබා ඇති අතර ඇගේ සිරුර හමුවන අවස්ථාවේදි පිහි ඇනුම් ගණනාවක් ඇගේ ශරීරයේ තිබී සෙයාගෙන ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සැක කරන ලද වයස අවරුදු 37ක් වන ඥාති පුත්‍රයා අල්-සල්මියා දිස්ත්‍රිකයේ ඇති ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇත.

මෙම මරණ දෙකට හේතුවූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)  


RECOMMEND POSTS