ජෝර්දාන් රජු නිල සංචාරයක



ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු තුර්කියේ සහ ටියුනිසියාවේ නිල සංචාරයක නිරත වු බව වාර්තා වේ.

සිය නිල සංචාරය ආරම්භ කරමින් දෙවන අබ්දුල්ලා රජු, රැජින වන රානියා සමග ටියුනීසියාවට පැමිණ ටියුනීසියානු ජනාධිපති, බෙජි කායිඩ් එස්සේබ්සි හමු වී දෙරටේ සහයෝගිතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිඳව සාකච්ඡා කර ඇත.

ටියුනීසියාවෙන් පසු, දෙවන අබ්දුල්ලා රජු තුර්කිය බලා පිටත් ගොස් ජෝර්දානය සහ තුර්කිය අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)


RECOMMEND POSTS