ජෝර්දාන් මහාචාර්යවරයෙකු මාරක රිය අනතුරකින් මියයයි.



ජෝර්දාන් මහාචාර්යවරයා, ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනා අල්- බයිදා හකල් අධිවේගි මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මන්සූර් මහමුද් මෙහොමඩ් නම් මෙම මහාචාර්යවරයා මක්කම පිහිටි සෞදි උම් අල්-කූරා විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිට ඇත. 
අධික වේගයකින් රථය ධාවනය කිරීම නිසා එය අධිවේගි මාර්ගයෙන් ලිස්සාගෙන ගොස් කීපවතාවක් පෙරළි ගොස් මාරක රිය අනතුර සිදු ඇති බව වාර්තාවේ. 

මාරක අනතුරින් දරුවන් දෙදෙනෙකු ජීවිත බේරාගැනීමට සමත්වී ඇත.

වයස අවුරුදු 15ක පිරිමි දරුවගේ පිට කොන්දට හානි සිදුවී ඇති අතර මාස 8ක කුඩා දරුවා කිසිදු අනතුරක් සිදුනොවී ජිවිතය බේරාගැනීමට සමත්වී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත් වේ.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක
  


RECOMMEND POSTS