ජෝර්දානයේදී මියගිය ඇමෙරිකානුවෝ කැරලිකරුවන් පුහුණු කරලා



ජෝර්දානයේදී මියගිය ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනා සි.අයි.ඒ සංවිධානය සමඟ එක්ව සිරියානු ආණ්ඩුවට එරෙහිව සටන වඳින කැරැලිකරුවන් පුහුණු කර ඇතැයි වාර්තා වේ.
එම ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනා නොවැම්බර් 4 වැනිදා මිය ගියහ. අවාසනාවන්ත සිදුවීම් මාලාවකින් එම සොල්දාදුවන් මියගිය බව මැදපෙරදිග බලධාරියකු උපුටා දක්වමින් ‘ද චිකාගෝ ටි්‍රබියුන්’ පුවත්පත වාර්තා කර තිබුණි. 
එම සොල්දාදුවන් තිදෙනා සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීමට ජෝර්දානයටගිය ඇමෙරිකා භට සේනාවක සාමාජිකයෝය.   ජොර්දාන හමුදා භටයකු කළ වෙඩි තැබීමකින් එම සොල්දාදුවන් තිදෙනා මියගිය බව වාර්තා වූ අතර එම වෙඩි හුවමාරුවෙන් ජෝර්දාන සෙබළා ද තුවාල ලබා ඇතැයි වාර්තා විය.  
කෙසේ වෙතත් විමර්ශනවලින් එවැන්නක් අනාවරණය නොවූ බව ද වාර්තා විණි. 
මෙවැනි සිදුවීමක් 2009 වසරේදී වාර්තා විය. මේ ආකාරයේම සි.අයි.ඒ සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ කණ්ඩායමකට ඇෆ්ගනිස්තානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් ඇමෙරිකා හමුදා සාමාජිකයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව සටන වදින විපක්ෂ කණ්ඩායම්වලට මෙන්ම ත්‍රස්තවාදීන්ට ද සහයෝගය දෙන බව ට චෝදනා එල්ල වෙයි. ඇමෙරිකා ප්‍රමුඛ ගුවන් හමුදා සිරියානු රජයේ හමුදාවලට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ද චෝදනා එල්ල වෙයි. 
දායිෂ් ත්‍රස්තවාදීන් සිරියානු රජය පෙරළා දැමීමට සටන්වදින අතර, 2012 වසරේදී සී.අයි.ඒ සංවිධානය ඔවුන් පුහුණු කළ බව ට චෝදනා එල්ල වෙයි. 
 
 
ප්‍රෙස් ටී.වී

RECOMMEND POSTS