ජෝර්දානයේ පොදු සමා කාලයක්



ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි අයුරින් ජෝර්දානයේ රැදි සිටින විදේශ ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සදහා මාස හයක පොදු සමා කාලයක් ලබා දීමට එරට රජය කටයුතු කොට ඇත.

ඉකුත් පස්වැනිදා සිට 2019 අගෝස්තු 03 දක්වා මෙම පොදු සමා කාලය පැවත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

ශ්‍රී ලාංකිකයින් 3500ක් පමණ නීති විරෝධි අයුරින් ජෝර්දානයේ රැදී සිටින බව එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් කාර්යංශය දැනුවත් කර ඇති බවත් ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එරට නීති විරෝධී අයුරින් එරට රැඳී සිටින්නේ නම් මෙම පොදු සමා කාලය තුළදී එම ගැටළු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණිමට හෝ නව හාම්පුතුන් යටතේ සේවය කිරීමට අවස්ථාව
සැලසෙනු ඇතැයි ද කාර්යංශය සඳහන් කරයි.

එසේ ජෝර්දානයේ රැඳී සිටින්නේ නම් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන යළි මව් රටට එන ලෙස හෝ එරටේම නීත්‍යානුකූලව රැඳී සිටින තත්ත්වයට පත් වන ලෙස තම ඥාතීන් දැනුවත් කරන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජෝර්දානයේ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ඥාතීන්ගෙන් ද ඉල්ලා සිටියි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS