ජෝර්දානයේ ගිනි අවි ගබඩාවක් පිපිරේ



ජෝර්දාන ගිනි අවි ගබඩාවක් ඊයේ (10) රාත්‍රියේ පුපුරා ගියේය.

ගිනි අවි ගබඩාව පිහිටා ඇත්තේ අම්මාන් අගනුවරට ඊසාන දෙසින් සාර්කා නුවරය.

ගින්නට හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ. ගින්න හටගෙන ඇත්තේ විදුලි කාන්දුවක් හේතුවෙනි.

ගින්න පැතිර ගියේ, භාවිතයට ගත නොහැකි ලෙස වෙන් කළ මෝටාර් බෝම්බ අසුරා ඇති ගබඩා කුටියටය.

මෝටාර් බෝම්බ පිපිරෙද්දී, අවි ගබඩාවේ සෙසු අවි ද පුපුරන්න පටන්ගෙන තිබේ.

පිපිරීම් අවසන් වෙනතුරු ගින්න නිවීම අසීරු කටයුත්තක් වූ බව ගිනි නිවන භටයෝ කියති.

ගිනි අවි ගබඩාවේ සිදුවුණු ගින්නෙන් හෝ පිපිරීම්වලින් හෝ කාටවත් අනතුරක් සිදුවුණු බවත් මෙතෙක් වාර්තා වී නැත.

අම්මාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS