ජෝර්දානයේ ඇඳිරි නීතිය



නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම බලපවත්නා පරිදි ඇඳිරි නීතිය පැනවීමට ජෝර්දානය පියවර ගෙන ඇත.

ජනතාවගේ ගමන්බිමන් සීමා කිරීමේ අරමුණින් විශේෂ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නා බව ජෝර්දාන රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අදෙයිලා පැවැසීය.
 
ඒ අනුව උදෑසන 7 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව හෙතෙම කීය.
 
ජෝර්දානයේ අබ්දුල්ලා රජු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව යුද්ධයක් පවතින අවස්ථාවකදී හෝ ව්‍යසනකාරී තත්ත්වයකදී හෝ මෙන් විශේෂිත ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට බලය හිමි වේ. මේ අනුව හමුදා ඇඳිරි නීතිය පැනවීමට ද හැකියාව ඇත.
 
රොයිටර්ස්/ඒ.එෆ්.පී

RECOMMEND POSTS