ජෝර්දානයේ අසරණ වූවන්ට විසඳුමක් නැද්ද ?



මැදපෙරදිග කලාපයේ ජෝර්දානයේ ඇගලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටළු වලට මෙතෙක් සම්පුර්ණ පිළිතුරක් හෝ විසදුමක් ලබාදීමට සිය පාලනාධිකාරිය කටයුතු කර නැති බව එම ආයතනයේ සේවය කල ශ්‍රී ලාංකික ප්‍රජාව පවසයි.

ඉන්දු ජෝර්දාන් කලෝතින් (INDU JORDAN CLOTHING) නම්වූ මෙම ආයතනයේ දැනට රැකියාව නොමැතිව නේවාසිකාගාරයක් තුල සිරවී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව පවසනුයේ මාස හතර හමාරක සිට කිසිදු පටුපක් නොලබා සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සම්පුර්න සංඛ්‍යාව 200 කට අධික වන බවත් මෙම පිරිසෙන් යම් ප්‍රමාණයක් එම ආයතනයේම තවත් අංශයකට බලහත්කාරයෙන් මාරු කර යැවූ බවත් මෙම මස 13 වෙනි දින තවත් ශ්‍රී ලාංකිකයින් 113 දෙනෙකු කිසිදු වැටුපක් හෝ කිසිදු ප්‍රතිලාභයක් නොදී හිස් අතින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට පාලනාධිකාරිය කටයුතු කල බවත් මෙම පිරිස අතුරින් දැනටමත් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් කිසිදු දීමනාවක් හෝ වැටුප් රහිතව නේවාසිකාගාර තුල සිරවී සිටින බවත් ඔවුන් පවසයි.

පසුගිය ජුනි 9 වෙනිදින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම ගැටළු පිලිබදව විමසීමට සහ පිළිතුරක් ලබා ගැනීමට ජෝර්දාන් කම්කරු අමාත්‍යංශයේ බලධාරීන් හමුවීමට ගියද මෙතෙක් කිසිදු පිළිසරණක් ලබාදීමට බලධාරීන් සමත් නොවූ බවද ඔවුන් පවසයි.මේ අතර මෙම ආයතන මගින් කෙරෙන අසාධාරණය හමුවේ ඒ පිලිබදව සොයා බලා නීතිමය පියවර ගැනීම සහ හිග වැටුප් ලබා ගැනීම පිණිස ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතපසුගිය 7 වෙනි දින අප සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැය හතරක පමණ කාලයක් සහ දීර්ග ගමනක් ගෙවා තානාපති තුමිය හමුවූ අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ආයතනයේ සේවය අවලංගු නොකර සිටින ලෙසත් අවම වශයෙන් මාස දෙකක වැටුප් ලබා දීමට කටයුතු කරන බවත් මීලග ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් කර හරින බවත්ය.

කෙසේ වුවද තානාපති තුමිය අද එනම් 16 දින දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පවසා ඇත්තේ තවමත් මෙම ගැටලුව පිලිබදව පාලනාධිකාරිය සමග සාකච්චා කරමින් සිටින බවත් හෙට 17 දින නැවත කිහිප දෙනෙකුට තානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙසත්ය.අසාධාරණයට ලක්වූ ඔවුන් පවසනුයේ මාස තුනක පමණ කාලයක් වැටුප් හෝ කිසිදු මුදලක් නොමැති අප හට පැය තුනකට අධික කාලයක් මග ගෙවා තානාපති කාර්යාලයට යාමට වත්කමක් නොමැති බවත් තානාපති තුමිය පොරොන්දු ප්‍රකාරව දැනට ඉතිරිව සිටින පිරිසට හිග පටුප් සහ දීමනා ලබාදීමට කටයුතු කර ඉක්මනින් මවුබිමට පිටත් කර හරින ලෙසත්ය.

ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනුයේ මේ පිලිබදව ශ්‍රී ලංකා රජයේ බලධාරින්ගේද අවධානය යොමු කර සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි..

ඇමතීම සදහා 00962770744374

සටහන, ලලිත් ප්‍රේමලාල්
විස්තර සහ චායාරුප ප්‍රසාද් (එතෙර සිතුවිලි)
සෞදි අරාබියේ සිට.

RECOMMEND POSTS