ජෝර්දානයේ 15 කට මරණ දඬුවම



ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ යැයි චෝදනා ලැබ මරණ දඬුවම හිමිවූ 10 දෙනකු එල්ලා මරා දැමීමට ජෝර්දාන රජය පසුගිය දා පියවර ගත්තේය.

ඊට අමතරව තවත් අපරාධවලට වරදකරුවන් වූ පස් දෙනකුගේ මරණ දඬුවම ද ක්‍රියාත්මක කෙරුණු බව වාර්තා වේ.

ජෝර්දාන ඉතිහාසයේ එකවර 15 දෙනකුට මරණ දඬුවම ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

පිරිස එල්ලා මරා දැමුණේ අම්මාන් අගනුවර සිට කිලෝ මීටර් 15 ක් දුරින් පිහිටා ඇති ස්වාකා බන්ධනාගාරයේදීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS