ජෝර්දානයට ගංවතුර !



මැදපෙරදිග කලාපයේ ප්‍රදේශ කිහිපයකටත් අහහපත් කාලගුණයෙන් බලපෑ ගංවතුර  හේතුවෙන් ජෝර්දානයේ අම්මාන් අගනුවර වීථි ජලයෙන් යට වී ඇත.

ක්ෂණික ගංවතුර හේතුවෙන් මෝටර් රථ රියදුරන් රැසක්  මහාමාර්ගවල සිරව සිටින බව වාර්තා වෙයි.කෙසේ වෙතත් ගංවතුර මධ්‍යයේ වුවත් ඇතැමුන් සිය මෝටර්රථ ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමට උත්සහ කරන ආකාරය දැකගත හැකිවුණි.

මේ අතර කාලගුණික තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශවල අවදානම් මට්ටම ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි.ක්ෂණික ගංවතුර හේතුවෙන් සිදු වූ දැවැන්ත ව්‍යසන පිළිබඳව ජෝර්දානයෙන් ඉතිහාසය පුරාවට වාර්තා වී ඇත.

ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ පසුගිය වසරේ එහි ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකුට දිවි අහිමි වීමය.

මේ අතර ජෙරුසෙලම අසළ ප්‍රදේශයකදී ගංවතුරට හසු වූ මෝටර් රථයක සිරව සිටි පුද්ගලයෙක් මුදාගන්නා අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS