ජෝර්දානය නීති ලිහිල් කරන්න යයි



කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ජෝර්දානයේ ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය ඕමාර් අල් රසාක් පවසයි.

කෙසේ වෙතත් කෝටියකට ආසනන ජනතාවගේ ගමන් බිමන් සීමා කරමින් සහ සති අන්තයේ දී සම්පූර්ණයෙන් ම වසා දැමීම සඳහා මාසයකට පමණ පෙර සිට පනවා ඇති ඇඳිරිනීතිය තවදුරටත් ඉවත් නොකරන බව ද අගමැති රසාක් පවසා ඇත.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා කිරීමට රජයට බලය ලැබෙන හදිසිනීතියක් පනවා ඇති අතර එම නීති රෙගුලාසි වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා රට පුරා හමුදා බාටයන් සහ පොලිස් නිලධාරීන් 60,000කට වැඩි පිරිසක් යොදවා තිබේ.

අගනුවරින්න පිටත ඇතැම් ප්‍රදේශවල ජනතාවට වඩාත් නිදහසේ ගමන් කිරීමට ඉඩ දීම ද නව ක්‍රියාමාර්ගවලට ඇතුළත් විය හැකි බව අග්‍රාමාත්‍යවරයා පවසයි.


RECOMMEND POSTS