ජෝර්දානය කටාර් තානාපතිට යන්න කියයි



ජෝර්දාන් රාජ්‍යය කටාර් රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අඩු කිරීමට ගනු ලැබු තීරණය හේතුවෙන් දින කීපයක් ඇතුලතදී කටාර් තානාපතිවරයාට ජෝර්දානයේ අම්මාන් නුවරින් පිටවන ලෙසට පසුගිය දා නියෝග කල බව ජෝර්දාන රජය ප්‍රකාශ කළේය.

ගල්ෆ් කලාපයේ අනිකුත් රටවල් කටාර් රජ්‍යයට එරෙහිව ගනු ලැබු තීරණයන් හොඳින් අධ්‍යයනය කර කටාර් රාජ්‍යයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අඩු කිරීමට තීරණය කළ බව ජෝර්දාන් තොරතුරු අමාත්‍ය සහ රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් අල්-මොමනි ප්‍රකාශ කළේය.

කටාර් රාජ්‍යය පදනම් කරගත් අල්-ජසීරා මධ්‍යනාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට ජෝර්දාන් රජය තීරණය කල බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ගල්ෆ් කලාපයට හොඳ අනාගතයක් උදා කරගැනීමට නම් කටාර් රාජ්‍යය සමඟ ඇති ප්‍රශ්නය ඉක්මනින් විසදා ගත යුතුවඇති බවමොහොමඩ් අල්-මොමනි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-අරේබියා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS