ජෝර්දාන වැසියන්ගේ විරෝධතා



ජෝර්දාන රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත බදු ඉහළ නැංවීමේ පනතට එරෙහිව තුන්වන දිනටත් විරෝධතා පැවැත්වමින් සිටිති.

විරෝධතාකරුවන් අම්මාන් නුවර කැබිනට් මණ්ඩල කාර්යාලයට ආසන්නයේ විරෝධතාවයේ යෙදී සිටින බව වාර්තා වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම් මත දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව පීඩාවට පත් කරමින් නව බදු පනත ඉදිරිපත් කර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

පිරිස පාලනය කිරීම සදහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ අතර සම්මුතියකට එළඹෙන ලෙස ජෝර්දානයේ අබ්දුල්ලා රජු සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කර තිබුණත් විරෝධය දක්වන පාර්ශව ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ. 

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS