ජෝර්දාන ලේඛක නහීඩ් හතාර්ගේ ඝාතකයාට මරණ දඬුවම



 

ජෝර්දාන ලේඛක නහීඩ් හතාර් ඝාතනය කළ ඉස්ලාමීය ජාතිකයාට මරණ දඬුවම නියම කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේදී ක්‍රිස්තියානි ලේඛකයකු වූ නහීඞ් ඝාතනයට ලක්විය. 

නහීඞ් ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් කාටූනයක් ඇඳීම නඩු විභාගයකට මුහුණ දෙමින් සිටි අතර ඔහු ඝාතනයට ලක්වූයේ අමාන් නුවර අධිකරණය ආසන්නයේදීය. ඉස්ලාම් දහමට පටහැණි කාටුනයක් ඇඳීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙමින් තිබිණි. නහීඞ් සමාජ ජාල ඔස්සේ එලෙස කාටුන් ප්‍රකාශයට පත් කර තිබිණි. 

නහීඞ් ට වෙඩි තැබුවේ 49 හැවිරිදි රියාද් ඉස්මයිල් නැමැත්තෙකි. ඔහු එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන පරිගණක ඉංජිනේරුවරයෙකි. නහීඞ් ට වෙඩි තැබූ අවස්ථාවේදීම රියාද් ඉස්මයිල් අත්අඩංගුවට පත්වූ අතර මනුෂ්‍ය ඝාතන, ත්‍රස්තවාදය සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම යන චෝදනා ඔහුට එල්ල විය. 

අමාන් නුවර හමුදා අධිකරණයකදී නඩුව විභාගයට ගැනුණු අතර එහිදි රියාද් ඉස්මයිල් එල්ලා මරණ ලෙස නියෝග කරන ලදි. 
එමෙන්ම ඉස්මයිල්ට අවි අලෙවි කළ තැනැත්තාද අත්අඩංගුවට පත්වූ අතර ආයුද වෙළෙඳන්දාට ඔහු හඳුන්වා දුන් පුද්ගලයාද අත්අඩංගුවට පත්වූහ. ඔවුන් දෙදෙනාට ද වසර බැගින් සිර දඬුවම් නියම කිරීම විනිසුරුවරු කටයුතු කළහ. 

 

 අමාන්හිදීය(මිඞ්ල්ඊස්ට් ඔන්ලයින්) 


RECOMMEND POSTS