ජෝර්දාන රජු බටහිර ඉවුරේ



ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු පලස්තීන පාලනයට නතු බටහිර ඉවුරේ සංචාරයකට පැමිණියේය.

අබ්දුල්ලා රජු බටහිර ඉවුරේ සංචාරයකට පැමිණියේ වසර පහකට පසුව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මහත් හරසරින් දෙවැනි අබ්දුල්ලා රජු පිළිගැනීමට පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් කටයුතු කළේය.

අබ්දුල්ලා රජු සහ අබ්බාස් අතරේ විශේෂ එමුවක් ද පැවැත්විණි. කෙසේ නමුත් එය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් නොලැබුණු බව ද පැවැසෙයි.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS