ජෝර්දාන නිම්නය බලෙන් අල්ලා ගන්නවා



එලැඹෙන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තමන් යළි අගමැති ධුරයට පත්වුවහොත්, ජෝර්දාන නිම්නය සහ මළ මුහුදට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශ බලෙන් අල්ලා ගනිමින් ඊශ්‍රායලයට එක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනිය හරහා ජාතිය අමතමිණි. යළි අගමැති ධුරයට පත්වුවහොත් බටහිර ඉවුරේ යුදෙව්වන් වෙසෙන සියලු ප්‍රදේශ ඊශ්‍රායලයට එක් කර ගැනීමට තමන් පියවර ගන්නා බව ද අගමැති නෙදන්යාහු පවසා ඇත. ඊශ්‍රායල මහ මැතිවරණය එලැඹෙන සතියේ පැවැත්වීමට නියමිතය.

ජෝර්දාන නිම්නය සහ මළ මුහුදට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශ බලෙන් අල්ලා ගැනීමට පියවර ගන්නවා යැයි අගමැති නෙදන්යාහු කළ ප්‍රකාශය ආබි රටවල දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව ද වාර්තා වේ.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS