ජෝර්දාන ඉරාක දේශසීමා යළි ඇරේ



වසර දෙකකට පසු ජෝර්දාන ඉරාක දේශසීමා යළි විවෘත කෙරුණු බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

දේශසීමා වසා දැමීමට ජෝර්දාන මෙන්ම ඉරාක රජය තීරණය කළේ, අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් දේශසීමා ප්‍රදේශ අත්පත් කර ගැනීමය.

දැන් එම දේශසීමා ප්‍රදේශ යළි තම ග්‍රහණයට නතු කර ගැනීමට ඉරාක හමුදා සමත් වී ඇත. ඒ, අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කරමිණි.
දේශසීමා මාර්ග යළි විවෘත කිරීමෙන් පසු දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ආරම්භ වනු ඇතැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS