ජෝන් මැකේන් අබුඩාබි කුමරු හමුවක්



අබුඩාබි ඔටුන්න හිමිකුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍යසන්නද්ධ හමුදාප්‍රධානි,ෂෙයික් මොහොමඞ් බින් සෙයිඩ් අල් නහියාන්එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී සහ සන්නද්ධ සේවා පිළිබඳ සෙනෙට් කමිටු සභාපති, ජෝන් මැකේන්ව ඉතා උණුසුම් ආකාරයෙන් අල්-ශාති මාලිගයේදි පිළිගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව, නායකයින් දෙදෙනා දෙරටට වැදගත්වන මුලෝපායිකවශයෙන් වැදගත් වන කරුණු, කලාපීය මෙන්ම අන්තර්ජාතික මට්ටමින් ඇති වී ඇතිනව ප්‍රවනතා සහ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කලාපයේ අනිකුත් රටවල් සමඟ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම නතර කිරීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවම කිරීම, ත්‍රස්තවාදීන්ට සහය දක්වන පුද්ගලයින් අඩපන කිරීම, ත්‍රස්තවාදී අදහස් ප්‍රචාරණය අවම කිරීම සහ කලාපයේ ආරක්ෂාව,සාමය, ස්ථාවරත්වය ඇති කිරීම යන කරුණු කෙරෙහිද නායකයින් දෙදෙනා වැඩි අවධානයක් යොමු කර ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                  

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS