ජෙරුසලමේ බස් රියක වෙඩි තැබීමක්



පැරණි ජෙරුසලම නගරයේ මගී බස් රියක සිදුවුණු වෙඩි තැබීමකින් අට දෙනෙක් තුවාල ලැබූහ.

එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

බස් රියේ සිටි සියලු දෙනා ඊශ්‍රායල වැසියන්ය.

වෙඩි තැබීම කළ තැනැත්තා පසුව පොලිසියට බාර විය. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.

තුවාල ලැබූවන් අතරේ අවුරුදු 35 ක් වයසැති ගැබිනියක ද සිටින බව 'ඊශ්‍රායල ටයිම්ස්' පුවත්පත පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS