ජෙරුසලමේ චැඩ් තානාපති කාර්යාලයක්



අප්‍රිකා චැඩ් රාජ්‍යය, ඊශ්‍රායලයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ, ඊශ්‍රායලය සමඟ පවතින ද්වී පාර්ශ්වික සබඳතා තවත් වර්ධනය කර ගනිමිනි. චැඩ් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර යහපත් සබඳතා වර්ධනය වූයේ මීට වසර 5 කට පෙරය.

චැඩ් ජනාධිපති මහාමත් ඩෙබි ඊශ්‍රායල සංචාරයකට පැමිණෙයි. ඒ පැය 48 ක කාලයක් සඳහාය. චැඩ් තානාපති කාර්යාලය විවෘත වනු ඇත්තේ එම සංචාරයේදීය. තානාපති කාර්යාලය විවෘත කිරීමේ නිල උත්සවයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද සහභාගී වනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS