ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කරන්න බෑ



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වී ඡන්ද විමසුමක් පැවැත්වීය.

එහිදී ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය දක්වමින්, සාමාජික රටවල් 128 ක් ඡන්දය දුන්නේය.

ඒ අනුව, ජෙරුසලසම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ගත් තීරණය අහෝසි කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපති ට්‍රම්ප්ට සහ ඇමෙරිකාවට බලපෑම් එල්ල විය.

ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය දක්වමින්, ඡන්දය පළ කළ රටවල් අතර එක්සත් ජාතීන්ගේ නිත්‍ය සාමාජිනකයන් තිදෙනකු වන මහා බ්‍රිතාන්‍යය, රුසියාව සහ චීනය ද සිටී. චීනය සහ රුසියාව මෙන් නොව, ඇමෙරිකාවේ සමීපතම සගයා මහා බ්‍රිතාන්‍යයයි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ ජනපති ට්‍රම්ප් අතර පවතිනවා යැයි පැවැසෙන ‘සුවිශේෂී මිතුදම්’ පළුඳුවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව ද පැවැසෙයි.

ට්‍රම්ප්ගේ තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ඇමෙරිකාව, ඊශ්‍රායලය  ගෞතමාලා, හොන්ඩුරාස්, මාර්ෂල් දූපත්, මයික්‍රෝනේසියා, නවුරු, පලාලු සහ ටෝගෝ ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS