ජෙඩා කොන්සියුලර් ජනරාල් අභාවප්‍රාප්ත වෙයි



සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් තැන්පත් ෆයිසර් මකීන් මහතා පසුගිය සෙනසුරාදා ජෙඩා පිහිටි කින්ග් ෆයිසාල් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව තානාපති කාර්යාල වාර්තාවකින් සදහන් වේ.

ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට ඝනයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුව සිටි ෆයිසර් මකීන් මහතා කළුතර දිස්ත්‍රක්කයේ පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,විදේශ කටයුතු අමාත්‍යාංශය,එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක ශ්‍රී ලංකාවට මහත් මෙහෙයක් කරන ලද රාජ්‍ය නිලධාරියෙකි.

ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS