ජීවත් වෙන්න හොඳම රට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ජීවත්වීමට හොඳම රට ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් ජීවත්වීමට හොඳම රට ලෙසඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “The US News and World Report’’සඟරාවනම් කර ඇත.

ලෝකයේ අනිකුත් රටවල් අතුරින් 26 වැනි ස්ථානය දිනාගැනීමට 2019 වසරේදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමත් වී ඇත.

ආහාර හා නිවාස, ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහරැකියා යන කරුණු නිර්ණායක ලෙසසඟරාව යොදාගෙන ඇත.

ස්විස්ටර්ලන්තය, ජපානය, කැනඩාව යන රටවල් පෙරමුණේ පසුවන අතර ඇමරිකා එක්සත් ජනපදය අටවන ස්ථානයට පත් වී ඇත.

ඊජිප්තුව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 40 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වී ඇති අතර

සෞදි අරාබිය 32 වැනි ස්ථානයත්, කටාර් රාජ්‍යය 31 වැනි ස්ථානයත්, මොරොක්කෝව 42 වැනි ස්ථානයත්, ඕමානය 63 වැනි ස්ථානයත්, ජෝර්දානය 71 වැනි ස්ථානයත් හිමි කරගැනීමට 2019 වර්ෂයේදි සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS