ජිබුටි ජාතික දිනයට සුබ පතයි



කුවේට් අමීර්, ෂායික් සබා අල් අහමඩ් අල් ජැබර් අල් සබාජිබුටි රාජ්‍යයේ ජනාධිපති, ඉස්මයිල් ඕමාර් ගුවෙල්හ් වෙත එරට ජාතික දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින්කේබල් පණිවුඩයක් යවා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් නියෝජ්‍ය අමීර් සහ ඔටුන්න හිමි කුමරුවන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් ජැබර් මුබාරක් අල් හමාඩ් අල් සබා ද කේබල් පණිවිඩය හරහා ජිබුටි රාජ්‍යයේ ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර ඇත.

ජිබුටි රාජ්‍යය අප්‍රිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටක් වන අතර 2015 දී කරන ලද ජන සංගණනයට අනුව එහි ජනගහනය 887,861ක් වේ.

ජිබුටි රාජ්‍යයේ අගනුවර ජිබුටි වන අතර මුදල් ඒකකය වන්නේ ජිබුටි ෆ්රෑන්ක්ය.

අරාබි සහ ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂාවන් වන අතර සෝමාලි සහ කුෂිටික් භාෂාවන්ද එරට තුල භාවිතා කරනු ලබයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS