ජාතික විෂබීජහරණ ව්‍යාපාරයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය පුරා මහජනතාව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන ඇති බව වාර්තා වේ.

2020 මාර්තු 26 දින සිට මාර්තු 29 දක්වා ජාතික විෂබීජහරණ ජාතික ව්‍යාපාරය දීප ව්‍යාප්තව පැවැත්වීමට සැළසුම් කර ඇත. 

සෞඛ්‍ය සහ නිවාරණ අමාත්‍යාංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික විෂබීජහරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරයි.

ජාතික විෂබීජහරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන කාලය තුළ නිවෙස්වලින් බැහරව නොයන ලෙසත්, නිවෙස්වල රැඳී සිටින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS