ජාතික දිනය සෞදියේ සමරයි



සෞදි අරාබියේ අබ්දුල්ලා රජු අන්තර්ජාතික ගුවන්තොටුපොල 47වැනි බහරේන් ජාතික දිනය සමරා ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපොල සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්, අබ්දුල්මොහසන් අල්-සීක් සහ ඉහළ පෙලේ රජයේ නිලධාරීන් පිරිසක් උත්සව අවස්ථාවට පැමිණ සිටි බව වාර්තා වේ.

ජාතික දිනය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සහ පිටව යන ගුවන් මඟීන්ට ත්‍යාග, රටවල් දෙකේ ජාතික ධජයන් සහ මල් කළඹ බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.

රියාද් නුවර පිහිටි කලීඩ් රජු අන්තර්ජාතික ගුවන්තොටුපොලද බහරේන් ජාතික දිනය සැමරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS