ජාති භේද නැහැ



එමිරේට්ස් හි ජීවත්වනසියලුම දෙනාට (සංචාරකයන් නොවන) ජාති භේදයකින් තොරව නිල ක්‍රීඩා උත්සව සඳහා සහභාගි වීමට අවසර ලබාදෙන ලෙස එමිරේට්ස් ජනාධිපති, ෂයීක් කලීෆා බින් සෙයිඩ් නහියන් නියෝග කර ඇති අතර එමිරේට්ස් පාර්ලිමේන්තුවටඉදිරිපත් කර තිබු කෙටුම්පතට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

නව නීතිය ඵෙතිහාසික එකක් වන බවත් එමිරේට්ස් මව්වරුන්ට දාව උපන් දරුවන්ට, එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ එමිරේට්ස් රාජ්‍යයේ උපන් සියලුම දෙනාටද කිසිදු ජාතිභේදයකින් තොරව තරඟාවලිවලට සහභාගි වීමේ අවස්ථාව හිමි වන බව අබුඩාබි පොලිස්ප්‍රධානි සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්,මේජර් ජෙනරාල් මොහොමඩ් කල්ෆාන් අල්-රුමේති අබුඩාබි නුවර ක්‍රීඩා කවුන්සිලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS