ජසීරා ගුවන් සේවය ඉන්දියාවට



කුවේට්හි ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සමාගමක් වන ජසීරා ගුවන් සමාගම ගමනාන්ත හතරක් ඔස්සේ ඉන්දියාවට සේවාවන් පුළුල් කරන බව ගුවන් සමාගම නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය

පළමු ගමනාන්තය ලෙස හියිද්‍රරාබාද් තෝරා ගෙන ඇති අතර නොවැම්බර් 16 වන දින පළමු ගුවන්යානය ලඟාවීමට නියමිත ඇත.

දෙසැම්බර් මාසයේ මැද වනවිට කොචි, මුම්බායි හා අහමදාබාද් යන නගරයන්ට සේවාවන් පුළුල් කරන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

ගුවන් සමාගම අඩුපිරිවැයකින් ගුවන් මඟින්ට සිය සේවාවන් ලබා දීම හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලුම සිය ගුවන් සේවයට නිරන්තරයෙන් ලැබීමත්, ගුවන් සමාගමේ සියළුම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් ගුවන් සමාගමේ සේවාවන් විශාල ලෙස පුළුල් කිරීමට හැකි වී ඇති බව ජසීරා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, රෝහිත රාමචන්ද්‍රන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS