ජර්මනියෙන් තහංචියක්



තුර්කියට ආයුධ ලබා දීම වහා නරත කිරීමට තමන් පියවර ගත් බව ජර්මන් රජය කියයි.

ජර්මන් රජය මෙම තිරණය ගෙන ඇත්තේ තුර්කිය උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ආරම්භ කිරීම නිසාය.

2018 දී ජර්මනිය තුර්කියට විකුණු අවි ආයුධ ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 268 කි. මෙම වසරේ ඊට වැඩි ආයුධ ප්‍රමාණයක් තුර්කිය සමඟ ගනුදෙනු කිරීමට ජර්මනිය සූදානම් විය.

කෙසේ නමුත් තුර්කියේ හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් එම ගනුදෙනුව අත්හිටවූ බව ජර්මන් විදේශ කටයුතු අමාත්‍ය හෙයිකෝ මාස් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS