ජර්මනියෙන් ඊශ්‍රායලයට සබ්මැරීන
ඊශ්‍රායල රජයට සබ්මැරීන විකිණීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, ජර්මන් රජය සහ ඊශ්‍රායල රජය අතර සබ්මැරීන ගනුදෙනුව සිදුවනු ඇති අතර එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක ගනුදෙනුවක් බව ද පැවැසෙයි.
ඩොල්පින් ක්ලාස් වර්ගයේ මෙම සබ්මැරීන ටෝපීඩෝ 16 කින්, කෲස් මිසයිලවලින් සන්නද්ධය. ඊට අමතරව කිලෝ ටොන් 200 ක න්‍යෂ්ටික යුද ශීර්ෂයක් පවා රැගෙන යෑමට හැකියාව ඇතැයි ද පැවැසෙයි.
(ප්‍රෙස් ටීවී)