ජර්මන් විදෙස් ඇමැති තුර්කියේ



පළුදුවුණු සබඳතා යළි ශක්තිමත් කිරීමේ අරමුණින්, ජර්මන් විදේශ ඇමැති සිග්මාර් ගැබ්රියෙල් තුර්කියේ අන්කාරා නුවරට පැමිණියේය.
ජර්මන් විදේශ ඇමැතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ තුර්කි විදේශ ඇමැති මෙව්ලුට් කැව්සොග්ලූ විසිනි.

ජර්මන් ගුවන් කඳවුරක් නේටෝ සාමාජික රටක් වන තුර්කියේ පිහිටුවා ඇත. එම ගුවන් කඳවුර නැරැඹීමට ජර්මන් රජයේ ඇමැතිවරුන්ට ඕනෑම අවස්ථාවක යෑමට අවසර දිය යුතු යැයි ජර්මන් රජය පවසා තිබුණි.

එය තුර්කි රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ජර්මනිය සහ තුර්කිය අතර අර්බුදයක් නිර්මාණය වූයේ එහෙයිනි. එම අර්බුදය සමථයකට පත් කර ගැනීම ජර්මන් විදේශ ඇමැති සිග්මාර් ගැබ්රියෙල්ගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS