ජර්මන් තානාපති වැඩ පටන් ගනියි



ජර්මන් තානාපති, යාග් රනව් සෞදි අරාබියට පැමිණ රාජකාරි කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ.

ජර්මනිය සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව රාජකාරි ආරම්භ කිරීමෙන් පසු තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ජර්මනියේ සෞදි තානාපතිවරයා ලෙස කලීඩ් බින් බන්ඩාර් බින් සුල්තාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් වැඩ භාරගත් බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

සෞදි අරාබිය සමඟ සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට ජර්මන් රජයට අවශ්‍ය වී ඇති බව සෞදි රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS