ජපන් බෙහෙත කුවේට් රෝගීන්ට දෙයි



කුවේට කොරෝනා රෝගීන්ට “අවිගන්’’ නැමති ජපන් ඖෂධය ලබාදීමට කුවේට් රජය කටයුතු කරන බව වාර්තා වේ.

අවිගන් වෙළඳ නාමය යටතේ විකුණනු ලබන ප්‍රතිවෛරස් ඖෂධයක් වන “ෆාවිපොරාවිර්’’ කොරෝනා රෝගීන් ලබාදී සායනිකව අත්හදා බැලීමෙන් පසු සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පළමු ඖෂධ තොගය සතියක් තුල ලැබෙන බවත්, ජපාන රජයෙන් නොමිලේ ලබාදෙන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ කටයුතු පිළිබඳ සහකාර ලේකම්, වෛද්‍ය අබ්දුල්ලා අල්-බද්ර් ප්‍රකාශ කළේ ය.

අවිගන් ඖෂධය ජපන් මාර්ගෝපදේශ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ කුවේටයේ ඖෂධ රෙගුලාසිවලට අනුකූලව ලබාදෙන බව වෛද්‍ය අබ්දුල්ලා අල්-බද්ර් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබ්නිව්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS