ජනාධිපති අබ්බාස්ට නිව්මෝනියාව



පලස්තින ජනාධිපති මහ්මුද් අබ්බාස් නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව එරට බලධාරීහු පවසති.

ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් අනතුරුව තෙවැනි වරටත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව පලස්තීන ජනාධිපතිවරයා පෙනහළු ආසාදනයකින් පෙළෙන බව වාර්තා විය. එම පුවත් වාර්තාවලට පසු පලස්තීන ජනාධිපතිවරයා නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පලස්තීන බලධාරීහු සඳුඳා රාත්‍රියේ මේ බව අනාවරණය කළහ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව ද එම නිලධාරීහු කීහ.

“ පලස්තීන ජනාධිපතිවරයා බලන්න මම රෝහලට ගියා. ඔහු නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ඔහුට ප්‍රතිකාර කෙරෙමින් තිබෙනවා” යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල අරාබි පාර්ලිමේන්තු මන්ත්‍රී අහ්මෙද් ටිබි පැවැසීය.
පලස්තීන ජනාධිපතිවරයා 83 වන වියේ පසුවෙයි. ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව ද අහ්මෙද් ටිබී කීය.

(ඒ.එෆ්.පී)

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS