ජනපතිවරු සිරියාව ගැන කතා කරති



සිරියාවේ ගූථා පළාතේ ගැටුම් සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති සහ ඉරාන ජනාධිපති අතර සාකච්ඡාවක් පැවැත්විණි.

සාකච්ඡා පැවැත් වූයේ දුරකතන ඔස්සේය. සිරියාවේ ගූථා පළාතේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පමණක් නොව, මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

සිරියාවේ සටන් විරාමයක් පවතී. ඒ, රුසියානු ජනාධිපති පුටින්ගේ ද මැදිහත්වීමෙනි. සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ තුවාල ලැබූ සහ උන්හිටිතැන් අහිමිවුණු සිරියානු වැසියන්ට මානුෂීය ආධාර ලබා දීම සඳහාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS