ජනපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ ලක්ෂ 3 ක්



ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉරාන ජනපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,00,000 ක පිරිසක් යොදවන බව ඉරානයේ ආරක්ෂක කටයුතු බාර බ්‍රිගේඩියර් හොසෙන් අෂ්තාරී කියයි.

ලබන මැයි 19 වැනිදා පැවැත්වෙන ඉරාන ජනපතිවරයට රටේ වැදගත්ම දේශපාලන ක්‍රියාවලිය යැයි බ්‍රිගේඩියර්වරයා පැහැදිලි කරයි.

ජනපතිවරණ කටයුතු වෙනුවෙන් ආරක්ෂක කටයුතු කෙසේ සිදුවිය යුතු දැයි බාර බ්‍රිගේඩියර් හොසෙන් අෂ්තාරීගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.

ජනපතිවරණ කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවේවි යැයි සැකයක් පවතින බැවින් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව ද බ්‍රිගේඩියර්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS