ජනපති ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසලේ



කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඊයේ (25) පස්වරුවේ දෝහා නගරයේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රන් කහවණු සොයා වැලිකතරට ගිය ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් පිළිසරණක් වෙමින් විවිධ ජාතීන්ට අයත් දරුවන්ට එකම සෙවනක සිප් සතර හදාරන්නට අවස්ථාව සළසාදී තිඛෙන දෝහා ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසල මීට වසර 17 කට පෙර ආරම්භ කෙරිණි. එදා මෙදා තුර විශිෂ්ට ගමනක් පැමිණි මෙම පාසල අද පළමු වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීමට දරුවන්ට පහසුකම් සළසා දී තිඛෙන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1300 පමණ මේවන විට එහි අධ්‍යාපනය ලබති.

අද පස්වරුවේ පාසල වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.

විද්‍යාලයේ තූර්ය වාදන කණ්ඩායම පෙරටුකර ගනිමින් ඉතා විචිත්‍රවත් අන්දමින් එම පිළිගැනීම සිදු විය.

විද්‍යාලයේ සිසු දරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.

( ඡායාරූප : සුදත් සිල්වා )


RECOMMEND POSTS