ජනපති රක්ෂිතයේ සංචාරයක



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති,  ෂෙයික් කලීෆා බින් සෙයිද් අල් නහියාන් “Ghanatha’’ ස්වාභාවික රක්ෂිතයේ සංචාරයක නිරත වෙයි.

ජනාධිපතිවරයා සමඟ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේනියෝජ්‍ය හමුදා ප්‍රධානී, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්, අල්-අයින් පාලකයාගේ නියෝජිත, ෂෙයික් ටහ්නූන් බින් මොහොමඩ් අල්-නහියන් සහ ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනෙක්ද සහභාගි වී ඇත.

ස්වාභාවික රක්ෂිතයේ සිදු කරන ලද සංවර්ධන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයාව දැණුවත් කිරීමට කටයුතු කර ඇති අතර, පරිසරය ආරක්ෂා කිරීමට හා සම්පත් සංරක්ෂණය කිරීමට දරන උත්සාහය පිළිබඳව ජනාධිපතිවරයා පැසසුමට ලක් කළේය.

වනජීවීන් ආරක්ෂා කිරීම, පරිසර පද්ධති සහ ස්වාභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම සඳහා රට පුරා පිහිටුවා ඇති ස්වාභාවික රක්ෂිත පිළිබඳවද ජනාධිපතිවරයා ප්‍රසංසා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS