ජනපති මැදුර සම්මානයකට නම් කරයි



අබුඩාබියේ පිහිටි ජනාධිපති මන්දිරය වන කස්ර් අල්-වටන් ප්‍රධාන පෙළේ සම්මානයකට නම් කර ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග ප්‍රමුඛ සංස්කෘතික සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන අතුරින් 2020 ආකර්ෂණීය ස්ථානයක් ලෙස තොරාගැනීම සඳහා “ලෝක සංචාරක සම්මාන’’ මගින් ජනාධිපති මන්දිරය නම් කර ඇත.

අබුඩාබියේ පිහිටා ඇති ජනාධිපති මන්දිරය, වාස්තු විද්‍යාත්මක ස්ථානයක් වන අතර, එමඟින් අරාබි උරුමය, එමිරේටයේ ඉතිහාසය, අනාගතය මෙන්ම පාලන මූලධර්මයන් පිළිබඳ අවබෝධයක් ලොවට ලබා දෙන බව සඳහන් කර ඇත.

එවැනි සම්මානයක් සඳහා කස්ර් අල්-වටන් නම් කිරීම වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය සංචාරක කර්මාන්තයේ වැදගත් සම්මානයක් වීම නිසා සංචාරක කර්මාන්තයේ දියුණුවට මහඟු පිටිවහලක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS