ජනපති මරන්න හැදූ 34 ක් හිරේට



පසුගිය 2016 වසරේ, තුර්කියේ සිදුවුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයේ දී, තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන් ඝාතනය කිරීමට උත්සහ කළේ යැයි යන චෝදනාවලට වරදකරුවන් වුණු 34 දෙනෙකුට තුර්කි අධිකරණයක් ජීවිතාන්ත සිර දඬුවම් නියම කළේය.

මෙම පිරිසට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වූයේ මුජියා නගරයේ අධිකරණයේය. පොලිස් නිලධාරීන දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් ද මෙම පිරිස චෝදනා එල්ල වී තිබුණු අතර ඔවුන් ඊට වරදකරුවෝ වූහ.

2016 වසරේ හමුදා කුමන්ත්‍රණය ආරම්භ වෙද්දී මෙම පිරිස ඒගන් නිවාඩු නිකේතනයට අයත් හෝටලයට කඩා වැදී ඇත. ජනාධිපතිවරයා සහ පවුලේ අය රැඳී සිට ඇත්තේ ද මෙම හෝටලයේය. මොවුන් විසින් ඝාතනය කරනු ලැබ ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු යැයි ද පැවැසෙයි. මෙම 34 දෙනා සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරියේ යැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS