ජනපති පුතුන් ජෝර්දානයට



හිටපු යේමන ජනාධිපති, අලි අබ්දුල්ලා සලේගේ පුතුන් දෙදෙනා සුරක්ෂිතව යේමන අගනුවරින් ජෝර්දානයට යැවීමට අරාබි සමඟි සන්ධානය සමත් වී ඇති බව සෞදි රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධනයට අයත් ඒ320 වර්ගයේ ගුවන්යානයකින් ජෝර්දානයේ අම්මාන් නුවර අලියා රැජින අන්තර්ජාතික ගුවන්තොටුපොලට රැගෙන ගොස් ඇත.

පුතුන් දෙදෙනා ජෝර්දානයට පැමිණි බව ඉහළ පෙළේ ජොර්දාන නිලධාරියෙක් තහවුරු කළ බව එරට මාධ්‍යය වාර්තා කළේය. 

ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන්සනා අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගුවන්යානා ගොඩබැස්ස වීමට ඉඩ ලබා නොදුන් අතර හවුදි ගරිල්ලන් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කරගත් එකඟතාවයකින් පසු ගුවන්යානය ගුවන්තොටුපොලට ගොඩබැස්ස වීමටකටයුතු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS