ජනපති කලා කෞතුකාගාරය



කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ දූත පිරිස දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට  එක් විය.

දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය සතුව ඇති කලා එකතුව ලෝකයේ ඇති විශාලතම ඉස්ලාමීය කලා නිර්මාණ එකතුවලින් එකක් වන අතර ලෝහ, පිගන්, ස්වර්ණාභරණ, ලී, වීදුරු, රෙදිපිළි හා කාසිවලින් යුත් භාණ්ඩ එකතුවක් ද එම ප්‍රදර්ශණ භාණ්ඩ අතර වේ.

වාර්ෂිකව කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ සහ අසිරිය නැරඹීම සදහා සිය දහස් ගණනක සංචාරකයින් එහි පැමිණෙති.

( ඡායාරූප : සුදත් සිල්වා )


RECOMMEND POSTS