ජනපති අපේක්ෂක පිටුවහල් කෙරේ



ඊජිප්තු ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වන බව පැවැසීමෙන් පසු, ඊජිප්තුවේ හිටපු අගමැතිවරයකු ද වන අහ්මද් ෂෆීක්, රටින් නෙරපා දැමීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටයුතු කර තිබේ.

අහ්මද් ෂෆීක්, පසුගිය කාලය පුරාවට ජීවත් වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේය. ඉදිරියේදී පැවැත්වෙන ඊජිප්තු ජනපතිවරණයේ දී, වත්මන් ජනපති අල් සීසීට අභියෝගයක් වෙමින් තමා ද ඉදිරිපත් වන බව අහ්මද් ෂෆීක් නිවේදනය කළේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිටය.

ඒ සමඟ එමිරේට්ස් බලධාරීහු අහ්මද් ෂෆීක් ට වහාම තම රටින් පිටවෙන්නැයි නියෝග කළේය. ඒ අනුව, අහ්මද් ෂෆීක් යළි ඊජිප්තුවේ කයිරෝ බලා පැමිණි බව වාර්තා විය.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS