ජනතාව සහ නිළධාරීන් අතර සුහද බව ගොඩනැගීමට පියවර



ජනතාව සහ පරිපාලන නිළධාරීන් අතර හොද සුහදශීලිභාවයක් ගොඩනගා ගැනීම සදහා කවුන්ටර් වල සවිකර ඇති විදුරු කවුළු ඉවත්කරන ලෙස කුවේට් වානිජ කටයුතු සහ කර්මාන්ත අමාත්‍ය, කාලීද් අල්-රෝදාන් නියෝග කර ඇති බව අල්-කාබස් වර්ථා කලේය. 

විදුරු ඉවත් කිරීමත් සමග ඇතිවන බාධක, වැඩකිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරගැනීම සහ ජනතාවට කඩිනම් සේවවක් සපයන්නේ කෙසේද යන්න පිලිබද අවශ්‍ය උපදෙස් ඔවුන් වෙත ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. 

ජනතාව කාර්යාල වලට පැමිණ තමන්ට අවශ්‍ය රාජකාරීන් කරගැනීමේදි නිළධාරීන් සහ මහජනයා අතර හොද සුහදශීලීභාවයක් ඇති නොවීමත්, අවශ්‍ය රාජකාරීන් කරගැනීමට නොහැකිව අපහසුතාවයට පත් ජනතාව විසින්  අමාත්‍යාංශයට කරන ලද පැමිණිළි මත මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS